සිරස්තල
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද කොළඹින් ඇරඹේ අද (11) රාත්‍රියේ ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එංගලන්තය සමඟ තරඟයට ට්‍රම්ප්ගෙන් චීනයට 100% දැඩි තීරුබදු පහරක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලොවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්වෙයි වාර්තාගත වර්ධනයක්! UK වෙළෙඳපොළ BYD හි විශාලතම විදේශීය EV වෙළෙඳපොළ බවට පත් වෙයි ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි පෑන් හැඩැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ තරුණයෙක් ගාල්ලේදී දැලේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැති අමරසූරියගෙන් අවධාරණයක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක මූලය වී ඇත්තේ පාසල් පද්ධතිය තුළ පවතින අසමානතාවය බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක මූලය වී ඇත්තේ පාසල් පද්ධතිය තුළ පවතින අසමානතාවය බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

අගමැතිවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රටේ පවතින අධික තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන බරපතල පීඩනයට සහ වෙනත් ගැටලුවලට මූලික වී ඇත්තේ ද මෙම පාසල් අතර අසමානතාවය බවයි.

වර්තමාන රජය මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් ලෙස සලකමින් විශාල උත්සාහයක් දරන බව ඇය අවධාරණය කළාය

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේදී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය සහ දායකත්වය අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව, පහත සඳහන් අංශ කෙරෙහි ද විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යතුමිය සඳහන් කළාය:

  1. මානව සම්පත දියුණු කිරීම (ගුරුවරුන් සහ පරිපාලකයින්).
  2. පරිපාලනමය දියුණුව.
  3. යටිතල පහසුකම් සමානව බෙදා දීම.
  4. අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම.

මෙම පුළුල් පරාසයක ප්‍රතිසංස්කරණ තුළින් ගුණාත්මක හා සමාන අධ්‍යාපන පද්ධතියක් රටට දායාද කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්