සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

පා.ම. රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (ජූලි 02) අවසර ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්,

මිතුරන් සමග බෙදාගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (ජූලි 02) අවසර ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්, පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවට විනිසුරු මඬුල්ල ප්‍රකාශ කර ඇත.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කර, වැඩ තහනමට ලක්ව සිටි බැවින්, ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවයි.

අදාළ පෙත්සම අගෝස්තු 01 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත. මෙම නඩු විභාගය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් වැදගත් බලපෑමක් ඇති කළ හැකියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්