සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

පිල්ලෙයාන් දේශප්‍රේමියෙක් බව ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ මේ වන විට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි. ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී

මිතුරන් සමග බෙදාගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ මේ වන විට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවයි.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ පිල්ලෙයාන් යනු මෙරට යුද්ධය නිමා කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් බවත්, ඔහු පැහැදිලි දේශප්‍රේමියෙක් බවත්ය.

එසේම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස පිල්ලෙයාන්ව හඳුන්වා දීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

යුද්ධයේ දුෂ්කරම අවස්ථාවන්හිදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ පිල්ලෙයාන්, යුද්ධය අවසන් කිරීම සඳහා තමන් සිටි පාර්ශ්වයෙන් ආණ්ඩුවට සහයෝගය දැක්වූ ආකාරයට ආණ්ඩුව කෘතඥතාව දක්වන්නේ මෙලෙස දැයි ප්‍රේමනාත් සී. දොළවත්ත ප්‍රශ්න කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්