අමෙරිකාව සහ ඉරානය අතර පැවති යුදමය තත්ත්වය නිමාවට පත් වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව පහත වැටෙමින් පවතිනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඊයේ (17) දිනයට සාපේක්ෂව 1.12% කින් පහත වැටී ඇති අතර අද (18) දිනයේ දී එහි මිල අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ද 1.28% කින් පහත වැටී තිබූ අතර එහි මිල අද දිනයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 75.81 ක් ලෙසයි.