යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත්, ප්‍රධාන සම්බාධක පනවන ලෙසත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ, සියලුම නේටෝ රටවල් එකඟ වී රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට, තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බවයි.
මීට අමතරව, නේටෝ සංවිධානය චීනයට 50% සිට 100%ක තීරු බදු පැනවිය යුතු බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබෙනවා.
යුක්රේන යුද්ධය අවසන් කිරීමට කිසිදු ප්‍රගතියක් නොමැති වුවහොත්, මොස්කව් වෙත සම්බාධක පනවන බවට සහ රුසියානු තෙල් මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් වන චීනය සහ ඉන්දියාව වැනි රටවලට ද්විතීයික සම්බාධක පනවන බවට ට්‍රම්ප් මහතා මීට පෙරද තර්ජනය කර තිබුණා.
එහි එක් පියවරක් ලෙස රුසියානු තෙල් අඛණ්ඩව ආනයනය කිරීම හේතුවෙන් ඉන්දීය භාණ්ඩ සඳහා අතිරේක 25%ක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ බවද වාර්තා වේ. මෙම නව බලපෑම් හේතුවෙන් ගෝලීය දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් කෙසේ වෙනස් වනු ඇතිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.