සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

ලංකාව බලා එන පලමු වාහන නැව ජපානයෙන් පිටත් වේ..

වාහන සමග ලංකාවට එන පළමු නැව පෙබරවාරි මාසයේ 13 වන දා ජපානයේ සිට පිටත් වූ බවත් එම නෞකාව හම්බන්තොට වරායට නුදුරේදීම එනු ඇති බව ශ්‍රී

මිතුරන් සමග බෙදාගන්න

වාහන ආනයනය කිරීමේදී ජපානයේ බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි භාර නොගන්නා බවට පැතිරයන කතා තුළ සත්‍යතාවක් නැති බව ඔහු කීය.

පසුගිය ආණ්ඩුව කාලයේ ඇතිවූ ප්‍රශ්න නිසාද ණයවර ලිපි එවක ආණ්ඩුවේ මැදිහත්වීම මත අවලංගු වූ නිසා ද වාහන ආනයනයට කිසියම් ප්‍රශ්න ඇතිවූ නමුත් මේ වන විට එම ගැටලු විසඳා ගැනීමට හැකි තැනකට පැමිණ ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, ණයවර ලිපි භා‍ර ගැනීම සම්බන්ධ ප්‍රශ්න සියයට 80ත් 90ත් අතර විසඳා ගැනීමට හැකි තැනකට පැමිණ ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය.

වාහන ආනයනය සාර්ථක ලෙස ආරම්භ වී ඇති බව ත් ඒ අනුව එහි කිසිදු ගැටලුවක් නැති බවත් ජපානය, යුරෝපය, තායිලන්තය, ඩුබායි ආදී ස්ථානවල සිට නැව්වල එන වාහන ලංකාවට පැමිණීමට පසුව වාහනය හා මිල ගණන් බලා පාරිභෝගිකයාට මිල දී ගත හැකි බව ත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක කිසිවෙකුට වාහනවලට සල්ලි ගෙවීමට නොයන ලෙසත් ලංකාවට වාහන පැමිණි පසුව ඒවා බලා මිල දී ගන්නා ලෙසත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවෝ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ලංකාවේ තිබෙන හොඳ ම බැංකු සමග ජපානය ආදී රටවල්වල බැංකු කිසිදු ප්‍රශ්නයක් නැතිව ගනුදෙනු කිරීම ආරම්භ කර ඇති බවත් සුමිටෝ මිට්සුයි ඇතුළු බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි භාර ගන්නා බව ආනයනකරුවෝ පවසති.

ජපානය පමණක් නොව තායිලන්තය, ඩුබායි ආදී රටවල් හා යුරෝපයේ බැංකුවලටත් ණයවර ලිපි යවා තිබෙන බවත් එහිදී ප්‍රශ්න ඇති වී නැති බව ආනයනකරුවෝ පවසති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්