“Miss Teen Sri Lanka 2025” නිරූපණ තරගාවලිය පසුගිය 11 වැනිදා Waters Edge හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙවර “Miss Teen Sri Lanka 2025” සාර්ථක කර ගැනීම සඳහා Next Events ආයතනය සමඟ Event Media ආයතනය ද එක්ව සිටී. මෙහි විශේෂත්වය වූයේ ඉතිහාසයේ වැඩිම තරගකාරියන් සංඛ්‍යාවක් සහභාගි වූ දැවැන්තම නිරූපණ තරගාවලිය මෙය වීමයි.
“Miss Teen Sri Lanka 2025” තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා සහභාගි වූහ. එදින තරගයට ඉදිරිපත් වූ විශාල තරගකාරියන් පිරිස අතරින් ඊළඟ වටය සඳහා සුදුසු තරගකාරියන් තෝරා ගැනිණි. එම තේරීමේ විනිශ්චය මණ්ඩලය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන චරිත් ගුණසේකර (ජාතික අධ්‍යක්ෂ), හර්ෂන් රත්නායක, චතු රාජපක්ෂ, නෙළුනි සෞන්දර්යා, වත්සලා දියලගොඩ, රශ්මි පබා සහ ඉසුරු ගුණසේකර (Next Events) යන අය සහභාගි වූහ.
“Miss Teen Sri Lanka 2025” තරගාවලිය තරග වට කිහිපයක් සමඟින් අවසන් මහා තරගය දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව “Miss Teen Sri Lanka 2025” ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතා පැවසීය.
“Miss Teen Sri Lanka 2025” සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රාහකයන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.