සිරස්තල
විදුලි ගාස්තු 13.5%කින් ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම ඇරඹෙයි ඉන්දු – පාකිස්තාන ගැටුම ඩිජිටල් අවකාශය හොල්ලයි අඩසියවසකට පසු මිනිසුන් යළි සඳ වෙත පවතින ගෑස් හිඟය හමුවේ රජයෙන් දැඩි තීරණයක් බුදුදහමට එල්ල වන අභියෝග හමුවේ මහා සඟ සමුළුවෙන් කරුණු 10ක “සංඝ ප්‍රතිඥාවක්” යටියන්තොටදී සංචාරක බස් රථයක් මාරක අනතුරකට ලක්වෙයි ජොන්ස්ටන් ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනයේ වෙඩික්කරු සහ මෙහෙයවූ “ටුටූ” හඳුනාගනී ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගය, පෙත්සම අප්‍රේල් 28 වනදා යළි කැඳවයි උද්භිද උද්‍යානවලින් රජයට බිලියනයක ආදායමක්

විදුලි ගාස්තු 13.5%කින් ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම ඇරඹෙයි

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීම ලබන පෙබරවාරි 25 වනදා ආරම්භ

මිතුරන් සමග බෙදාගන්න

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීම ලබන පෙබරවාරි 25 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කරයි.

අප්‍රේල් 01 වනදා සිට ජූනි 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබේ.

මහජනතාවට සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මාසයකට ආසන්න කාලයක් ලබා දී ඇත. පෙබරවාරි මස 25 වනදා සිට මාර්තු මස 18 වනදා දක්වා.

ලිඛිතව මෙන්ම වාචිකව ද අදහස් දැක්වීමේ අවස්ථාව හිමිවේ. පළාත් 9ම ආවරණය වන පරිදි විමසීම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

විදුලිබල මණ්ඩලය විසින් මෙම ගාස්තු වැඩිකිරීම යෝජනා කර ඇත්තේ මූල්‍ය පිරිවැය සහ මෙහෙයුම් වියදම් පියවා ගැනීම සඳහා බව සඳහන් වේ.

මහජන අදහස් විමසීමෙන් අනතුරුව, විදුලිබල මණ්ඩලයේ දත්ත සහ මහජනතාවගේ යෝජනා සලකා බලා ගාස්තු සංශෝධනය කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්