සිරස්තල
වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක් “ලොකු පැටී”ගේ කෝටි 30ක මුදල් ගැවසී ඇති කපු මහතාගේ බැංකු ගිණුම් ගැන CIDයෙන් දැඩි පරීක්ෂණ ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ යුද නෞකාව කොළඹට හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළියේදී අත්අඩංගුවට අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක්

වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී

අද (24) උදෑසන බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ “සාගරිකා” සීඝ්‍රගාමී දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ

මිතුරන් සමග බෙදාගන්න

අද (24) උදෑසන බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ “සාගරිකා” සීඝ්‍රගාමී දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම අනතුරත් සමඟ දුම්රිය මාර්ගයේ ප්‍රධාන මංතීරු දෙකම අවහිර වී ඇති අතර, ඒ හේතුවෙන් දකුණු කළුතර සහ කොළඹ අතර දුම්රිය ධාවනය මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇත. කාර්යාලීය වේලාව තුළ මෙම පීලි පැනීම සිදුවීම නිසා රැකියා සඳහා යන මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

පීලි පැනීමට ලක්වූ දුම්රිය නැවත පීලිගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කණ්ඩායම් සහ මෙවලම් මේ වන විටත් වාද්දූව ප්‍රදේශය වෙත පිටත් කර යවා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්