ඉරානයට පහරදීම නවත්වන්නැයි ට්‍රම්ප්ගෙන් නෙතන්යාහුට දුරකථන ඇමතුමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර හුවමාරු වූ දරුණු මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතින පසුබිමක, ඉරානයට එරෙහිව තවදුරටත් පළිගැනීමේ ප්‍රහාර දියත් කිරීම

මිතුරන් සමග බෙදාගන්න

ඉරානය සහ ඊශ්‍රායලය අතර හුවමාරු වූ දරුණු මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතින පසුබිමක, ඉරානයට එරෙහිව තවදුරටත් පළිගැනීමේ ප්‍රහාර දියත් කිරීම වහාම නවත්වන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) මහතා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත දන්වා තිබේ.

ලෝක මහා යුද්ධයක පෙරනිමිති පළ කරමින් උත්සන්න වන මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා සෘජුවම මැදිහත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, ඉරානයට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේම පාර්ශවීය ප්‍රහාර සහ ආරක්ෂක අවශ්‍යතා පැවතිය ද, කලාපය තුළ තවදුරටත් තත්ත්වය බරපතල කරමින් තවත් ප්‍රහාරයක් එල්ල වනු දැකීමට තමන්ට කිසිසේත් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) වෙත දුරකථන ඇමතුමක් ලබා දී, ඉරානයට එරෙහිව ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති සියලුම ආකාරයේ පළිගැනීමේ ප්‍රහාර (Retaliatory Strikes) නවත්වන ලෙස තමන් දැඩිව දන්වා සිටින බව ද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණි. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉරානය සමඟ ඉදිරියේදී ඇමෙරිකාව සිදු කරනු ලබන ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික හෝ දේශපාලනික ගනුදෙනුවකට (Deals) එකඟ වීම හැර වෙනත් කිසිදු විකල්පයක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ඉතිරිව නොමැති බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නවතම ස්ථාවරයත් සමඟ, ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානමින් සිටි ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ඉදිරියේදී සිය තීරණ වෙනස් කරනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් දැඩි අවධානයෙන් පසුවෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්