ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් බවයි.
සිදුව ඇති හානිය නිවැරදි කර වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ අදාළ කාලසටහන් ඇතුළත් කොටස පමණක් තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත. වෙබ් අඩවියේ සෙසු කොටස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.