සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

‘උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි දේපළ ගැටලුවක්’ අමාත්‍ය නලින්ද ජයතිස්ස

යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

මිතුරන් සමග බෙදාගන්න

යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ගැටලුවක් පැන නගින්නේ උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි දේපළ හෝ වත්කම් තිබීම සම්බන්ධයෙන් බවයි. තම පක්ෂය කිසිවිටෙකත් පුද්ගලයෙකුට දේපළ තිබීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකරන බවත්, ප්‍රශ්නය ඇත්තේ හෙළිදරව් කළ නොහැකි මූලාශ්‍රවලින් ධනය උපයා ගැනීම බවත් ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, තම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දේපළ මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති බවත්, එය රටට හොඳ ආදර්ශයක් බවත්ය. මෙම ප්‍රකාශය දූෂණ විරෝධී පාලනයක් සඳහා රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බව බොහෝ දෙනාගේ අදහසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්