සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

අද (අප්‍රේල් 1) සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර නැවත ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය මාර්තු 14

මිතුරන් සමග බෙදාගන්න

අද (අප්‍රේල් 1) සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර නැවත ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය මාර්තු 14 වනදා සමඟින් පළමු අදියර අවසන් වූ අතර, දැන් නැවතත් ශිෂ්‍යයින් පාසල් බලා ගමන් කරන බවයි.

කෙසේවෙතත්, රාමසාන් උත්සවය සැමරීම සඳහා මුස්ලිම් පාසල් සඳහා අද දිනය නිවාඩු ලෙස ප්‍රකාශිත කර තිබේ.

මේ අතර, වසංගත රෝග විශේෂඥයින් අනතුරු අඟවන්නේ මේ දිනවල දරුවන් අතර පැපොල රෝගය පුළුල් ලෙස පැතිර යාම සම්බන්ධයෙන් ය. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, රෝග ලක්ෂණ සහිත ළමුන් පාසල් යැවීමෙන් වළකින්නැයි දෙමව්පියන්ට ඉල්ලීමක් කරයි.

එමෙන්ම, දැනට පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන් වරින් වර ප්‍රමාණවත් ජලය පානය කළ යුතු බවත්, තරමක් සෙරෙන් සිටීමට අවස්ථා ලබාදිය යුතු බවත් වෛද්‍යවරුන් අවධාරණය කරයි.

මේ අතර මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමග ජලය පානය කිරීම ඉතා වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්