සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි

‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි කොළඹ – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) කළ “සැවොම යුද්ධ කළේ

මිතුරන් සමග බෙදාගන්න

‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි

කොළඹ – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) කළ “සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන්” යන ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) ප්‍රකාශ කළා.

බත්තරමුල්ලේ රණවිරු සැමරුම් ස්මාරකය අසලදී පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද රණවිරු සැමරුමකට එක්වෙමින් මාධ්‍ය අමතා හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. යුද්ධය සිදුකළේ කිසිවකු හෝ අල්ලා ගැනීම සඳහා නොව, රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

ඉදිරියේදී රණවිරු සැමරුම් පැවැත්වේදැයි මාධ්‍යවේදීන් විමසූ විට, එය තීරණය කරනු ලබන්නේ පවතින රජය විසින් බවත්, ඒ පිළිබඳව තමන් නොදන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

යුද්ධය ඛේදවාචකයක් බව පිළිගත් හිටපු ජනාධිපතිවරයා, කෙසේ වෙතත්, මෙරට හමුදාවන් එම යුද්ධය ජයගත් බවත්, යුද්ධයකදී එක් පාර්ශ්වයක් ජයගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්