රටේ ජනතාවගේ මුදල් ඉතුරු කරන බවට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කිසිවක් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
අද (ජූලි 16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එවක පාර්ලිමේන්තුවේදී තමන් සමඟ රාජපක්ෂවරුන්ට චෝදනා කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අද වන විට “ධනවාදයේ පියා” බවට පත්ව ඇති බවයි.
නීති විරෝධී දේවල් සිදු කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා විශාල වශයෙන් කතා කළ බවද, නමුත් අද වන විට “ප්ලග් එකක මිලද රුපියල් 75,000 ක්” බවට පත්ව ඇති බවද සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.
ගතවූ මාස කිහිපය තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක “ආසියාවේ ලොකුම ඒකාධිපතියා” බවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වැඩිදුරටත් චෝදනා කළා.