හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා. අද (ජූලි 28) අධිකරණය හමුවේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
2017 වසරේදී හම්බන්තොට වරාය විදේශ රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදෙස්ගතව සිටින බවට වාර්තා පළ වනවා.