සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

මුලතිව්, කල්ලප්පාඩු වෙරළ තීරයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. පසුගිය 02 වනදා පෙරවරුවේ මුහුදු ගිය මොවුන් මේ

මිතුරන් සමග බෙදාගන්න

මුලතිව්, කල්ලප්පාඩු වෙරළ තීරයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. පසුගිය 02 වනදා පෙරවරුවේ මුහුදු ගිය මොවුන් මේ වන තෙක් නැවත පැමිණ නොමැති බව ඥාතීන් පවසයි.

අතුරුදන් වූ ධීවරයින් සම්බන්ධයෙන් ඊයේ (03) දිනය වන තෙක් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි කනස්සල්ලට පත්ව සිටී. මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ ඥාතීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැමිණිලි කර ඇති අතර, අතුරුදන්වූවන් සොයා සහය වන ලෙස ඉල්ලා තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශයේ ධීවරයින් එක්ව ඊයේ දිනයේදී අදාළ මුහුදු ප්‍රදේශය පරීක්ෂා කළ ද එය සාර්ථක වී නොමැත. කෙසේ වෙතත්, අද (04) උදෑසන සිට නාවික හමුදාවේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් නැවතත් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතව ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්