සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

විදේශ අමාත්‍ය විජිත හේරත් චීන විදේශ අමාත්‍යවරයා හමුවෙයි

මැලේසියාවේ පැවති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව, ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා

මිතුරන් සමග බෙදාගන්න

මැලේසියාවේ පැවති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව, ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය දක්වන සහාය, මෙන්ම මෑතකාලීන ආර්ථික අභියෝග හමුවේ ලබා දුන් සහයෝගය වෙනුවෙන් අමාත්‍ය හේරත් මහතා චීනයට කෘතවේදීත්වය පළ කළා. දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවට විශාල දායකත්වයක් ලබා දෙන බවද ඔහු අවධාරණය කළා.

චීනයේ “එක් තීරයක්, එක් මාවතක්” ප්‍රතිපත්තිය කෙරෙහි ශ්‍රී ලංකාවේ උනන්දුව යළි තහවුරු කළ අමාත්‍යවරයා, වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමුද්‍රීය කටයුතු වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ සූදානම දැන්වූවා.

ආර්ථික වර්ධනයට සහ කලාපීය සහයෝගීතාවට උපායමාර්ගික වටිනාකමක් ඇති කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළුව, මෙම මුලපිරීම යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා.

පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සමුද්‍ර අංශය වැනි නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්තා. මෙම නව ක්ෂේත්‍ර සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බවද අමාත්‍ය හේරත් චීන විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්