‘සාමය උදෙසාමයි යුද්ධ කළේ’ – මහින්ද රාජපක්ෂ අනුර කුමාරගේ ප්‍රකාශය අනුමත කරයි
කොළඹ – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) කළ “සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන්” යන ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) ප්‍රකාශ කළා.
බත්තරමුල්ලේ රණවිරු සැමරුම් ස්මාරකය අසලදී පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද රණවිරු සැමරුමකට එක්වෙමින් මාධ්‍ය අමතා හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. යුද්ධය සිදුකළේ කිසිවකු හෝ අල්ලා ගැනීම සඳහා නොව, රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි ඔහු එහිදී අවධාරණය කළේ.
ඉදිරියේදී රණවිරු සැමරුම් පැවැත්වේදැයි මාධ්‍යවේදීන් විමසූ විට, එය තීරණය කරනු ලබන්නේ පවතින රජය විසින් බවත්, ඒ පිළිබඳව තමන් නොදන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
යුද්ධය ඛේදවාචකයක් බව පිළිගත් හිටපු ජනාධිපතිවරයා, කෙසේ වෙතත්, මෙරට හමුදාවන් එම යුද්ධය ජයගත් බවත්, යුද්ධයකදී එක් පාර්ශ්වයක් ජයගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළා.