රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 26) නියෝග කළා.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස අධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු මෙන්ම ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා ද සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළා.
මෙම නියෝගයත් සමඟ, මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පළමු සිදුවීම අවසන් විය.