අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිට රෝහල් ගතකළ අවස්ථාව දක්වා තමන් වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්වයන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුදකර තිබෙනවා.
අද (සැප්තැම්බර් 01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ, අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත තම ස්තූතිය පුද කරන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසු අවස්ථාවකදී මෙම සියලු පාර්ශව හමුවීමට තමා අපේක්ෂා කරන බවයි.