හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි.
ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වූ අතර, ඔහු කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් ද හොබවා තිබෙනවා. ඔහුගේ අභාවය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ශෝකයට හේතු වී ඇත.