“පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා” – සිරිල් ගාමිණී පියතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්

පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කඩාකප්පල් කිරීමට හෝ ඒවාට බාධා කිරීමට උත්සාහ නොකරන ලෙස සිරිල් ගාමිණී පියතුමන් සියලු

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කඩාකප්පල් කිරීමට හෝ ඒවාට බාධා කිරීමට උත්සාහ නොකරන ලෙස සිරිල් ගාමිණී පියතුමන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, මිනිස් ජීවිත 300කට ආසන්න සංඛ්‍යාවක් අහිමි කළ මෙම සමූල ඝාතනයේ සත්‍යය හෙළි කර ගැනීම රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බවයි.

අපරාධයක් කර සැඟවී සිටිය හැකි බවට සමාජය තුළ පවතින මතය දුරු කිරීමට නම් මෙම විමර්ශන නිසි ලෙස අවසන් විය යුතු බව පියතුමන් පෙන්වා දුන්හ. ඇතැම් පිරිස් වත්මන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විවිධ අර්ථකථන දෙමින් සිටින බවත්, ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව මෙම ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන මෙම ස්වාධීන පරීක්ෂණවලට බාධා කිරීම, ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට සිදු කරන මහා අපරාධයක් ලෙස ද උන්වහන්සේ හැඳින්වූහ.

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවතියේ ද යන්න සහ එසේ වූයේ නම් එහි වගකිව යුත්තන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම රටේම අපේක්ෂාව බව සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් පැවසූහ. විමර්ශනවල ප්‍රතිඵල ලැබෙන තෙක් බාධා කිරීම්වලින් වැළකී ඉවසීමෙන් බලා සිටින ලෙස උන්වහන්සේ මෙහිදී සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටියහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්