අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19 ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව හෙට (16) අඟහරුවාදා පෙ.ව. 8.00 සිට අනිද්දා (17) බදාදා පෙ.ව. 3.00 දක්වා පහත සඳහන් කලාප සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත:
-
මිනුවන්ගොඩ කලාපය: මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ සහ ඕපාත.
-
ගම්පහ කලාපය: ගම්පහ මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, වැලිවේරිය, බැලුම්මහර සහ රතුපස්වල.
-
මහර කලාපය: මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම සහ ඇටිකෙහෙල්ගල්ල.
-
අත්තනගල්ල කලාපය: රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය සහ වතුපිටිවල.
-
නිට්ටඹුව කලාපය: නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය සහ නයිවල.
ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි. එබැවින්, අදාළ කාලය සඳහා අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙසත්, ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 1939 ක්ෂණික ඇමතුම් අංකය මඟින් ලබාගත හැක.