සිරස්තල
සමන් කොල්ලා’ගේ කුඩු බෙදූ 15ක සිසුවා හෙරොයින් සමඟ කොටු වෙයි ලෝක ශූර නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ඓතිහාසික ජයක් පොලිස් සේවාවන් ගැන අදහස් සහ පැමිණිලි සෘජුවම දැනුම් දීමට නව QR කේත පද්ධතියක් කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක් ඩෙංගු දැඩි අවදානමක ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා

පොලිස් සේවාවන් ගැන අදහස් සහ පැමිණිලි සෘජුවම දැනුම් දීමට නව QR කේත පද්ධතියක්

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳව මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා සෘජුවම ලබා ගැනීම සඳහා නව QR කේත පද්ධතියක් (QR Code System)

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳව මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා සෘජුවම ලබා ගැනීම සඳහා නව QR කේත පද්ධතියක් (QR Code System) හඳුන්වා දී තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා “Sri Lanka Police Community Feedback Portal” නමින් මාර්ගගත ඩිජිටල් පද්ධතියක් (Online Digital Platform) ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මෙම නව ක්‍රමවේදය හරහා පුරවැසියන්ට තම ප්‍රතිචාර පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, එම තොරතුරු විශ්ලේෂණය කර ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණ බව පොලිසිය සඳහන් කරයි.

පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ පහසුකම්:

  • විකල්ප තෝරාගැනීම: QR කේතය භාවිත කිරීමේදී ජනතාවට තමන්ගේ ප්‍රතිචාරය අදහසක්, පැමිණිල්ලක්, ප්‍රශංසාවක් හෝ යෝජනාවක් ද යන්න මත අදාළ අංශය තෝරාගත හැක.

  • තොරතුරු රහස්‍යභාවය: අවශ්‍ය නම් පමණක් පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට හැකි අතර, අනන්‍යතාව හෙළි නොකර ද ප්‍රතිචාර දැක්විය හැක.

  • විස්තර ඇතුළත් කිරීම: තමන් පොලිස් ස්ථානයට පැමිණි කාරණය, මුහුණ දුන් සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තර ද පද්ධතියට ඇතුළත් කළ හැකිය.

  • වෙබ් අඩවිය හරහා පිවිසීම: QR කේතයට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ පවතින ‘E-Services’ වෙත පිවිස ‘Community Feedback Portal’ හරහා ද මහජනතාවට සිය ප්‍රතිචාර ලබා දිය හැක.

මෙම QR කේත පුවරු සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් දැකගත හැකි පිළිගැනීමේ අංශ (Reception) සහ චෝදනාගාර (Charge Room) ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම සේවාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී එම පහසුකම භාවිත කිරීමට ඔවුන්ට මඟ පෙන්වන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් (OIC) වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්