සිරස්තල
සමන් කොල්ලා’ගේ කුඩු බෙදූ 15ක සිසුවා හෙරොයින් සමඟ කොටු වෙයි ලෝක ශූර නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ඓතිහාසික ජයක් පොලිස් සේවාවන් ගැන අදහස් සහ පැමිණිලි සෘජුවම දැනුම් දීමට නව QR කේත පද්ධතියක් කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක් ඩෙංගු දැඩි අවදානමක ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා

සමන් කොල්ලා’ගේ කුඩු බෙදූ 15ක සිසුවා හෙරොයින් සමඟ කොටු වෙයි

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමට සෘජුවම සම්බන්ධ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත්ව තිබේ. ඊයේ

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමට සෘජුවම සම්බන්ධ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත්ව තිබේ.

ඊයේ (15) රාත්‍රියේ අම්බලන්ගොඩ, පැරට් හංදිය ආසන්නයේදී මෙම සැකකාර සිසුවා පිළිබඳව ඇති වූ සැකයක් මත පොලිස් නිලධාරීන් විසින් ඔහුව පරික්ෂාවට ලක් කර ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,600කට (ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක්) ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, දැනට විදේශගතව හෝ සැඟව සිටින ‘සමන් කොල්ලා’ නමැති ජාවාරම්කරුගේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම සිසුවා ඊෂි කෑෂ් (Easy Cash) ක්‍රමය ඔස්සේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි. වයස්ගත නොලත් පාසල් සිසුන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාලයන්ට හසුකර ගැනීම පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්